පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු බෝගස්වැව, සේමමඩු රක්ෂිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.සැකකරුවන් එම රක්ෂිත භූමියේ කැණීම් සිදුකරමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඔවුන් සතුව තිබූ කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 38 සහ 74 යන වයස්වල පසුවන නාච්චාදූව සහ පූනෑව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















