කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක් වන බගවන්තලාව බ්‍රිඩ්වෙල්ඔයට කුකුළු මස් අපද්‍රව්‍ය සහ නගරයේ කැළිකසල බැහැර කිරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් බගවන්තලාව නගරයේ දිනපතා කසල එකතු කළද, නගරයේ ඇතැම් වෙළෙන්දන් විසින් නගර මධ්‍යයෙන් ගමන් කරන මෙම ඔයට කසල සහ අපද්‍රව්‍ය මුදා හැරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂණය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙන ජනතාව, ආරම්භ වී ඇති පළාත් පාලන සතියට සමගාමීව බ්රිඩ්වෙල්ඔය කඩිනමින් සුද්ධපවිත්ර කර දෙන ලෙස නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවෙන් දැඩිව ඉල්ා සිටිති.














