‘පුනරුදයට පුරවර’ තේමාව කර ගනිමින් ඊයේ (14) දින සිට ආරම්භ කෙරුණු පළාත් පාලන සතියට සමගාමීව, නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ හැඳුනුම්පත් ලබා දීමේ ජංගම සේවයක් ඊයේ (14) බගවන්තලාව ශ්‍රී තේන්ඩායුධපානි කෝවිල් ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඡායාරූප එම ස්ථානේදීම ලබා ගනිමින්, කිසිදු මුදලක් අය නොකොට ඊට අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත එදිනම නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය සභාව කටයුතු කිරීම විශේෂත්වයකි.














