වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් අලුත්ගම, දර්ගා නගරයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලක් තිස්සේ අදාළ ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නොමැති බවයි. අත්අඩංගුවට පත් වූවන් දර්ගා නගරයේම පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අලුත්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















