ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ පිහිටි වේදාන්ත (Vedanta Ltd) සමාගමට අයත් විදුලි බලාගාරයක සිදුවූ බොයිලේරු පිපිරීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය තහවුරු කරයි. ප්‍රාන්ත අගනුවර වන රායිපූර් සිට කිලෝමීටර් 230ක් පමණ දුරින් පිහිටි සිංගිතාරායි (Singhitarai) ප්‍රදේශයේ මෙම බලාගාරය පිහිටා ඇත.
ඊයේ (14) පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමට හේතුව බොයිලේරු නළ අධික ලෙස රත් වීම (overheating) විය හැකි බවට පොලිස් අධිකාරී පී.කේ. තාකූර් මහතා සැක පළ කරයි. වේදාන්ත සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත්, අනතුරට හේතුව සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්ය.














