අකුරණ චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා පවසා ඇත්තේ 2030 වසර වන විට ශ්‍රී ලංකාවට විදුලි මෝටර් රථ (Electric Cars) ලක්ෂ 80ක් පමණ ලබා දීම චීනයේ අපේක්ෂාව බවයි. පසුගිය මාසයේදී පමණක් චීනයේ නිෂ්පාදිත BYD විදුලි මෝටර් රථ 60,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය. ශ්‍රී ලාංකිකයන් චීන භාෂාව හැදෑරීම හරහා දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය වන අතර, එමගින් චීනයේ රැකියා අවස්ථා ලබා ගැනීමට ද පහසු වන බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
වර්තමානයේ පවතින ඉරාන යුධ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස චීනය විසින් ඉන්ධන පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව ද ඔහු සිහිපත් කළේය. එමෙන්ම පසුගිය වසරේ (2025) අගභාගයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ද චීනය ලබා දුන් සහාය පිළිබඳව තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.














