නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේදී පැවති අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කිරීමේ පින්කම සහ “සම්බුදු තෙමඟුල් වෙසක් පෙරහැර” මංගල්‍යයේ කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා නාමල් රාජපක්ෂ මහතා සහභාගී විය.
මෙම උත්සවය නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී, පූජ්‍ය බෝගම්බර මෛත්‍රීරතන නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් සංවිධානය කෙරිණි. අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මෙහිදී සිදු කෙරිණි. හත්වන වරටත් පවත්වනු ලබන “සම්බුදු තෙමඟුල් වෙසක් පෙරහැර” මංගල්‍යයේ කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවද මෙයට සමගාමීව සිදු විය. මෙම උත්සවයේ ප්‍රධානත්වය ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක, අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් උසුලන ලදී.
















