බොරැල්ල ඩඩ්ලි සේනානායක මාවතේ පිහිටි ප්රධාන ජලාපවහන නළයක හටගත් බිඳ වැටීමක් පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව අලුත්වැඩියා කර, යළි එම මාර්ගය වාහන ගමනාගමනයට විවෘත කිරීමට හැකි වූ බව කොළඹ නගරාධිපතිනී ව්රේ කැලී බල්තාසාර් (Vraie Cally Balthazaar) මහත්මිය පවසයි. පසුගිය අඟහරුවාදා (20) දින මාර්ගයේ ඇති වූ මෙම හදිසි බාධාවට හේතු වී තිබුණේ වසර 50කට වඩා පැරණි පීඩන ජලාපවහන ප්රධාන නළයක හටගත් දෝෂයක් බව ඇය සමාජ මාධ්ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
පවතින යටිතල පහසුකම්වල පැරණි ස්වභාවය හේතුවෙන් අලුත්වැඩියා කටයුතු යම් සංකීර්ණ වුවද, කොළඹ මහ නගර සභාවේ ජලාපවහන අංශය ඉතා කඩිනමින් ක්රියාත්මක වී මෙම අලුත්වැඩියාව සාර්ථකව නිම කිරීම පිළිබඳව නගරාධිපතිවරිය නගර සභා සේවකයින්ගේ කැපවීම විශේෂයෙන් ඇගයීමට ලක් කළාය. මහජනතාවගේ බදු මුදල් මෙවැනි අත්යවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්රතිසංස්කරණය සඳහා නිසි ලෙස යෙදවෙන බව මෙයින් මනාව පැහැදිලි වන බවද ඇය සඳහන් කළාය. මේ වන විට අලුත්වැඩියා කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, මාර්ගය යළි සාමාන්ය පරිදි වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව නගරාධිපතිවරිය තහවුරු කර තිබේ.
















