ශ්රී ලංකාවේ ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණින් ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ යන රටවල අමාත්යවරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
ස්ටොක්හෝම්හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානයෙන් සිදුකළ මෙම සංචාරයේදී අමාත්යවරයා, ස්වීඩන යටිතල පහසුකම් සහ නිවාස අමාත්ය ඇන්ඩ්රියාස් කාල්සන්, ෆින්ලන්ත ප්රවාහන හා සන්නිවේදන අමාත්ය ලුලු රේන් සහ නෝර්වේ ප්රවාහන අමාත්ය කැම්සි ගුණරත්නම් යන මහත්ම මහත්මීන් මුණගැසී ඇත. ශ්රී ලංකාවේ මාර්ග අනතුරු අවම කරගැනීම සහ ‘විෂන් සීරෝ’ (Vision Zero) මාර්ග ආරක්ෂණ උපායමාර්ගය මෙරටට ගැළපෙන අයුරින් ක්රියාත්මක කිරීම ඇතුළු ක්ෂේත්ර කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුව තිබේ.
















