ඊයේ (ජූනි 01) අලුයම පුත්තලම නගරයට ඉහළින් අහසේ ඇදී ගිය අතිශය දීප්තිමත් ආලෝක ධාරාවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කලබලයට පත්ව තිබේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි අඩි කිහිපයක් දිගින් යුත් මෙම වස්තුව, රොකට්ටුවක හෝ මිසයිලයක ආකාරයෙන් ගිනිදැල් සහිත වල්ගයක් සමඟ ගමන් කර ඇත. එය සාමාන්‍ය ගුවන් යානයකට වඩා වැඩි වේගයකින් අඩි 300ක පමණ උසකින් ගමන් කර පුත්තලම කලපුව දෙසින් අහසට ගොස් අතුරුදන් වී තිබේ. මෙම දර්ශනය දැක ගැනීම සඳහා බොහෝ පිරිසක් නිවෙස්වලින් පිටතට පැමිණි අතර, ඇතැම් පුද්ගලයින් ජංගම දුරකථන මගින් එහි ඡායාරූප ලබා ගැනීමට ද සමත්ව ඇත. මෙම වස්තුව නිසා අනතුරක් සිදුවිය හැකි යැයි බිය වූ ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගොස් සැඟවී ඇති බව ද වාර්තා වේ. ප්‍රදේශවාසීන් අපේක්ෂා කරන්නේ බලධාරීන් මැදිහත් වී මෙම සංසිද්ධිය පිළිබඳව නිල පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවයි.
















