කථානායක නිල නිවස පිහිටි පාර්ලිමේන්තු මාර්ගය අසල රැඳී සිටි 31 හැවිරිදි කාන්තාවක් වැලිකඩ පොලිසිය විසින් පසුගිය 31 වැනිදා සන්ධ්‍යාවේදී පොලිස් භාරයට ගෙන ඇත.
වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය, මේ වන විට ඇතුල්කෝට්ටේ, මාලිගාව පාරේ කුලියට ගත් නිවසක ජීවත්වෙමින් හඳුන්කූරු විකිණීමේ නිරතව සිටින අයෙකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇයගෙන් සහ ඇගේ සැමියාගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යොමු කර ඇත.
තමන් මෙම ස්ථානයට පැමිණියේ වෙනත් කාන්තාවක සමඟ ඇති කරගත් බහින්බස්වීමක් සම්බන්ධයෙන් බව ඇය පොලිසියට පවසා තිබේ. මූලික විමර්ශනවලින් අනතුරුව සැකකාරිය ඇප මත නිදහස් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
















