වසර 10ක විරාමයකින් පසු බ්රිතාන්යයේ ප්රමුඛ ගුවන් සේවයක් වන British Airways යළිත් ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. එහි මංගල ගුවන් යානය අද (24) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
BA2045 ගුවන් ගමන් අංකය යටතේ ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපළේ සිට පැමිණි Boeing 777-200ER වර්ගයේ ගුවන් යානය මෙලෙස ශ්රී ලංකාවට පැමිණ තිබේ.
නව ගුවන් ගමන් සේවාව සතියකට තුන් වරක් ක්රියාත්මක කිරීමට නියමිතය. ඒ හරහා ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් සම්බන්ධතා ශක්තිමත් කිරීමට මෙන්ම දෙරට අතර ව්යාපාරික, සංචාරක සහ ජනතා සබඳතා වර්ධනය කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් රාජධානිය ශ්රී ලංකාවේ ප්රධාන සංචාරක වෙළෙඳපොළක් වන බැවින්, British Airways යළි ගුවන් ගමන් ආරම්භ කිරීම මෙරට සංචාරක කර්මාන්තයට ද නව අවස්ථා උදාකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














