මාවනැල්ල, කිරිගහ හන්දිය ප්රදේශයේදී පිස්තෝල අවි දෙකක් සහ බෝර 12 ගිනි අවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 34 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී පිස්තෝල අවි දෙකක්, මැගසින් පහක්, ඊයම් බෝල 156ක්, බෝර 12 ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 20ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් වැඩිදුර ප්රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.













