27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍රධානය කිරීම හා තලාව තිරප්පනය, ආචාරියාගම ගම්මානයේ ගම්වාසීන්ට වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ ආරාධනයකට අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් අධ්‍යාපනය ලබන දුෂ්කර පාසලක් වන තලාව තිරප්පනය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමිය එම දරු දැරියන් මහත් හරසරින් පිළිගත්හ.අනතුරුව එම විද්‍යාලයේ දරු දැරියන් වෙත මහකොමසාරිස්තුමිය විසින් අධ්‍යාපන උපකරණ ප්‍රදානය කළාය.එම දරු දැරියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇය සුභපැතුම් එක් කළ අතර, අනතුරුව විද්‍යාලයේ ගුරුභවතුන් සමඟද මහකොමසාරිස්වරය සුහඳ පිළිසඳරක නිරත වූවාය.

එම විද්‍යාල භූමිය හා පන්ති කාමරද මහකොමසාරිස්වරියගේ නිරීක්ෂණයට ලක් විය.

ඉන් අනතුරුව, තලාව තිරප්පනය, ආචාරියාගම ගම්මානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ එම ගම්වාසීන් විසින් මහත් හරසරින් පිළිගත්හ.

අනතුරුව ගම්වාසීන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් මහකොමසාරිස්තුමිය ගම්වාසීන්ගෙන් විමසා සිටියාය.හැමෝටම අමාරු කාළයක මේ වගේ තම ගම්මානයට පැමිණ ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් ගම්වාසීන් තුති පුද කර සිටියහ. වන අලි ගම්වැදීම හේතුවෙන් පවතින තර්ජන මෙන්ම, පානීය ජල ගැටලු පවතින බව එහිදී ගම්වාසීන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.

රතු කුරුස සංවිධානය වැනි ආයතන හරහා උදව් අවශය ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බවද, රට තුළ පවතින මෙම තත්වය ඉක්මනින් පහව යතැයේ බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ එහිදී පැවසුවාය.

අනතුරුව එම ගම්මාන‌යේ ජනතාව වෙත අවශ්‍යය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවන්ට රතු කුරුස සංවිධානයේ නිළධාරීන්, තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හා ගම්වාසීන් සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *