27 April 2024
#දේශීය

වන සත්ව හානිය ජාතික ගැටලුවක් වි ඇති බව රාජ්‍ය ඇමති රෝහණ කියයි

වගා කිරිමේදි ගොවි ජනතාව ඇතුලු ‍අනෙකුත් පිරිස් මුහුණ දෙන වනසතුනගෙන් වන හානිය මේ වන විට ජාතික ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඒ සදහා වෙන් වෙන් වශයෙන් විසදුම් සෙවිය යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු-ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා වූ උකුවෙල කොට්ඨාශයේ රැස්විම ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේදි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

උකුවෙල කොට්ඨාශයේ ගම්මාන රැසක මේ වන විට රිලා,වල් ඌරන් සහ මොණරුන්ගෙන් වන හානිය නිසා වගා කටයුතු සිදු කර ගැනිමේ අපහසුවක් පවතින බවත් මේ සදහා විසදුම් ලබා දිමට වහා පියවර ගන්නා ලෙස උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් වන සිසිර ජයම්පති ඇටිපො.එරන්දිකා අබේරත්න,ගාමිණි කුලතුංග යන මහත්ම මහත්මින් කමිටුවෙන් ඉල්ලිමක් කළ අවස්ථාවේදි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවට ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන සිසිර ජයම්පති ඇටිපොල,ගාමිණි කුලතුංග,උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.ඩබ් විජේරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැස්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *