බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර මධ්‍යයේ පිහිටි, ඉදිවෙමින් පවතින “ඔක්සි ටවර්” (Oxy tower) ගොඩනැගිල්ලක අද (14) හටගත් හදිසි ගින්නකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අවම වශයෙන් පුද්ගලයින් හයදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් සමත් වුවද, ගොඩනැගිල්ල ඇතුළත සිදුකළ සෝදිසි කිරීම්වලදී ගින්න සෝපාන පථ (Lift shafts) වෙත පැතිර ගොස් ඇති බවත්, එහි සෝපාන දෙකක් සිරවී ඇති බවත් හඳුනාගෙන තිබේ. ඉන් එක් සෝපානයක් විවෘත කිරීමේදී ඒ තුළ තිබී මළසිරුරු කිහිපයක් හමුවී ඇති අතර, නිශ්චිත මරණ සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර නොමැත. සුන්බුන් හේතුවෙන් සිරුරු මුදාගැනීමේ කටයුතු අතිශය දුෂ්කර වී ඇති බව බ්‍රසල්ස් කම්කරු අභිචෝදක කාර්යාලයේ ප්‍රකාශක බ්‍රෙක්ට් ස්පේබෲක් (Brecht Speybrouck) සඳහන් කළේය.
මෙම අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූ ගිනි නිවන භටයෙකු ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. අනතුර සිදුවූ ස්ථානය වෙත බෙල්ජියම් අග්‍රාමාත්‍ය බාර්ට් ඩි වෙවර් (Bart De Wever) සහ ෆිලිප් රජු (Philippe, King of the Belgians) ද පැමිණ තිබේ.
















