පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය අද (22) හත්වන දිනටත් ක්රියාත්මක වේ.
පසුගිය 16 වැනිදා පස්වරුවේ ආරම්භ කළ මෙම සත්යග්රහය අතරතුර අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසන්නේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.
පසුගිය 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පසුව බුද්ධ ශාසන අමාත්යාංශය ඉදිරිපිටට වැඩම කර එහි ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ.
එම සාකච්ඡාව අසාර්ථක වූ බව පවසමින් සිය ඉල්ලීම්වලට විසඳුමක් ලැබෙන තෙක් විහාරමහා දේවී උද්යානයේ රැඳී සිටීමට තීරණය කළ බව සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් සඳහන් කරති.
















