• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවාදි පාලනයක් ගොඩනගනවා

15 July 2018
in ක්‍රීඩා

ඉදිරියේදි ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත්කරන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී රට රකින රට හදන ජනතාවාදී පාලනයක් ජාතික කතිකාව අමතමින්.

එහිදී දිසානායක මහතා කියා සිටියේ ජනතාවාදී පාලනය රට රකින පාලනයක් විය යුතු බවයි. රට රකිනවා කියන්නේ උතුරට එරෙහිව දකුණ පෙළ ගැස්වීම නොවන බවත් මුස්ලිම් මිනිහාට එරෙහිව සිංහල මිනිහා පෙළ ගැස්වීම නොවන බවත් ඔහු අවධාරණය කළේය.

අපේ රට අද ආර්ථික අතින් බෙලහීනතාවයට පත්ව ඇති බවත් අද අපේ රටේ නායකයින් වෙනත් රටවල් විසින් මිලට ගන්න තත්වයට පත්වෙලා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

අනුර දිසානායක මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය “ හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීන සමාගමක් විසින් මිලදී අරගෙන තිබෙනවා. ඔහු එය ප‍්‍රතික්‍ෂෙප කරලා නැහැ. අපි පාර්ලිමේන්තුවේදී හුවමාරු වුණ චෙක්පත් මුදල් මාරු කරපු පුද්ගලයින් මේ සියල්ල හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අද අපේ රට ස්වාධීන රටක් නොවෙයි. චීන සමාගමකට අපේ රටේ නායකයන් මිලට ගන්න පුළුවන් නම් අපේ රට ස්වාධීන රටක්ද? රටේ ජාතික සම්පත් රටේ වුවමනාවට මෙහෙයවනවා වෙනුවට බහුජාතික සමාගම්වලට අනුව හසුරුවන රාජ්‍යයක්. වෙළඳ ගිවිසුම්, බහුජාතික සමාගම්වල වුවමනාවට ගොඩනැගෙනවා. බදු පනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරු අනුව සකස් වෙනවා. ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් පරාධීන රාජ්‍යයකට නිදසක් කොහෙද? ඒ වගේම ව්‍යාජ දේශපේ‍්‍රමය පරාජය කළ යුතුව තිබෙනවා. ඒ නිසා නැවත අපේ රට ආර්ථිකයේ දේශපාලනයේ සංස්කෘතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අරලයක් තිබෙනවා. අපි වැඩපිළිවෙළ හදමු. එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීමට බලවේගය හදමු. ඒ වගේම එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවිය හැකි පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලූ දෙනා එකතු වෙන්න, මැදිහත් වෙන්න, පෙරට එන්න කියලා ආරාධනය කරනවා. යැයි ඔහු කියා සිටියේය.

Post Views: 26
Previous Post

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

Next Post

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම භායානක පාවාදීමක්

editor

editor

Next Post

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම භායානක පාවාදීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved