බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 18 වන දින ගලිගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළ බටුවත්ත ප්රදේශයේ පවත්වාගෙන ගිය වල් ඌරු මස් ජාවාරමක් වැටලීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.
දිගින් දිගටම මෙම ජාවාරමේ නිරත වූ 53 හැවිරිදි සැකකරු සහ වල්ඌරු මස් අත්අඩංගුවට ගෙන පසුගිය 25 වන දින කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ගරු මහේස්ත්රාත් විසින් සැකකරුට රුපියල් 15,000ක දඩ මුදලක් නියම කර ඇත.
















