බිනර පොහෝ දින මාදුරුඔය ජාතික උද්‍යානයේ උල්හිටිය හා රත්කිඳ වනජීවී කාර්යාලවල නිලධාරීන් සිදුකළ වැටලීමකදී ඉත්තෑවෙකු මරා දමා මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනිඅවියක් සහ කේබල් මදු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 25 වන දින රාත්‍රියේ උද්‍යානය තුළ සිදුකළ මුර සංචාරයක් අතරතුර මෙම සැකකරුවන් දෙදෙනෙකු නිරීක්ෂණය වී ඇති අතර, එක් අයෙකු පලා ගියද අනෙක් සැකකරු මරා දමන ලද ඉත්තෑවෙකු, කොටන තුවක්කුවක් සහ වෙඩි බෙහෙත් සමඟ අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, ඊයේ (28) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් නඩුව යළි කැඳවීමට නියම කර ඇත.
















