27 April 2024
#දේශීය

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කල යුතුයි – විපක්ෂනායක සජිත්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (9) මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාවට එක්වෙමිනි.

අප රටට විදේශ විනිමය පහසුවෙන් ගෙන ආ හැකි ක්ෂේත්‍රයක් වන මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කරන බවත් එමෙන් ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන, පහසුකම් සලසන්නෙක් ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් ඒ සඳහා දේශපාලන පත්වීම් නොව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් එය සමන්විත කරන බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් සහ තනතුරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ යෝජනා මත ඇති කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තායිලන්තය, හොංකොං වැනි රටවල මෙන් අප රටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඩොලර් උත්පාදනය කරන රටක් බවට පත් කරන බව හෙතෙම පැවසිය.

එසේ ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මෑත කාලීනව පසුබෑමකට ලක්ව ඇති බවත් එයට හේතුව පසුගිය කාලයේ එම ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් නොවූ නිසා බවත් එසේ වුවත් සමගි ජන බලවේගයේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය පහළ සිට ඉහළට යන ආකාරයෙන් තොරතුරු ලබාගෙන සකස් කරමින් පවතින බවත් ඒ සඳහා විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *