27 April 2024
#Uncategorised

වතුකරයට ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

වතු කම්කරු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාව අනුව මෙසේ ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතව ඇත.

වතු කම්කරු ජනතාවගේ සුබසාධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදී ඇති අතර ඒ් අනුව මෙම ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කෙරේ.

විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් සදහා ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ආරම්භ කිරීම සදහා වන විශේෂ ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘති ජනවාරි මාසය වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එය වතුකරයේ ජනතාව වෙනුවෙන් ද පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

වතු කම්කරුවන් ලංකාවට පැමිණ වසර දෙසීයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *