ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දෛනික බස් ධාවන කටයුතු පවත්වාගෙන යාමේදී පැන නැගී ඇති දුෂ්කරතා සහ එම තත්ත්වයට විසඳුම් වශයෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වනු ඇත. මෙම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව බස් සංගම් නියෝජිතයින් පවසයි.
















