• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් …. සිව් වසරකට පසු බාල පුතා අත්අඩංගුවට

12 September 2021
in දේශීය

ඇඩම් එක්ස්ෆෝ පුද්ගලික සමාගම ඇතුළු සමාගම් 9ක හිමිකරුවෙකුව සිටි ශබීර් අබ්බාස් ගුලන්හුසෙන් යන අය සේවා කාර්යාලය තුලදී මිය යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 2017 වසරේ ජුනි මාසයේදීය. එම ව්‍යාපාරිකයාගේ මරණය ස්වාභාවික නොවන ගෙල සිර කිරීමෙන් සිදු වු මනුෂ්‍ය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඝාතනයට සැක පිට ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක් වු මරණකරුගේ බාල පුත්‍රයා ඊයේ (11) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සුක්ෂමව ලෙස සිදු කොට ස්වාභාවික මරණයක් ලෙස හැගෙන පරිදි සැලසුම් කොට අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලද පරික්ෂණයෙන් අනාවරණ වී ඇත.

අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ පසුගිය ජුනි මස 9 වනදා අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ කාර්යාලය තුලදී මිය ගොස් ඇති අතර එම මරණය සැක සහිත බවට ලද පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශණයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මෙම ව්‍යාපාරිකයාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් පසු ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 37 හැවිරිදි බාල පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීයී.

මෙම ඝාතනය සූක්ෂම ලෙස සිදුකර ස්වභාවික මරණයක් ලෙස හැඟෙන පරිදි සැලසුම් කොට අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය එම ව්‍යාපාරිකයාගේ බාල පුත්‍රයා විසින් සිදු කල ඝාතනයක් බවට සියුම්ව කරන ලද පරීක්ෂණ වලදී අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Post Views: 26
Previous Post

රැකියා සඳහා විදෙස් ගත වන පිරිසට බලපාන ගැටලු කඩිනමින් විසඳුම් දෙන්න – මුදල් ඇමැති

Next Post

කොවිඩ් මරණ ආදාහනයන්ට පළාත් හා පලාත් පාලන අමාත්‍යං‍ශයෙන් මුදල් ලබා දෙයි

editor

editor

Next Post

කොවිඩ් මරණ ආදාහනයන්ට පළාත් හා පලාත් පාලන අමාත්‍යං‍ශයෙන් මුදල් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved