• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු යි – විපක්ෂ නායක සජිත් 

20 May 2023
in දේශීය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනමම ඒකකයක් රටේ රාජ්‍ය පාලකයා යටතේ ක්‍රියාත්මක වී පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත කාලසටහනක් සහිත ඉලක්ක ගත දැවැන්ත වැඩපිළිවෙළක් ඇති කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවේ දීය.

එසේම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටින බවත් එක නීති පද්ධතියක් තුළ ඉදිරියට යාමේ මඟ විවර කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ දේශපාලකයන් සිටින්නේ ව්‍යාපාරිකයන්ට ගැටලුවක් විසඳීමට නොවන බවත් ගැටලු විසදීමට දේශපාලකයන් පත්වන්නේ නම් රටේ සිස්ටම් එක අසාර්ථක බවත් සිදුවිය යුත්තේ දේශපාලකයන්ගේ වහලුන් බවට පත් නොවී ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම බවත් හෙතෙම තවදුරටත් අවධාරණය කළේය.

එසේම දේශපාලකයන්ගේ වගකීම වන්නේ ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන පැරණි ක්‍රමය බැහැර කර සිස්ටම් එක තුළින් පිළිතුරු ලැබෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බවත් අපක්ෂපාතී විනිවිධභාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් ඇති විට අල්ලස්, පගා ගැටලුවලටත් විසඳුම් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මෙවැනි බංකොලොත් තත්ත්වයක් තුළ මුලින්ම කැපකිරීම් සිදු කළ යුතතේ දේශපාලනඥයන් බවත් අනාගතයේ සමගි ජන බලවේගය බලයට පත් වූ විගස එවැනි කැපකිරීම් සිදු කිරීමට සූදානම් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ධන කුවේරයන්ගේ ණය කපා දැමීම පසුගිය කාලයේ සිදු වුවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය අය කර ගැනීමට දරුණු ක්‍රමවේද භාවිත කිරීම තරයේ හෙළා දකින බවත් ය.

කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් විශේෂත්වයක් සිදු කර සැලකීම අනුමත නොකර බවත් සැමට එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී පැවසීය.

 

Post Views: 13
Previous Post

බොරැල්ලේ වෙඩි තැබිමකින් අයෙකු මරුට

Next Post

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා – ජනපති

editor

editor

Next Post

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved