27 April 2024
#දේශීය

බොරැල්ලේ වෙඩි තැබිමකින් අයෙකු මරුට

බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී අද (20) පෙරවරුවේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා වෙඩි තැබිමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා යතුරුපැදියකින් ලෙස්ලි රණගල මාවතට පැමින ඇති අතර එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *