මාස හතරක් අඛණ්ඩව හිඟයක් වාර්තා වීමෙන් පසු, 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ බාහිර ජංගම ගිණුම ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අගෝස්තු මාසයට අදාළ බාහිර අංශ කාර්යසාධන වාර්තාවට අනුව, විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ද 10%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 749ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, අගෝස්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.
මේ අතර, අඛණ්ඩව සිව්වන මාසයටත් ඉන්ධන ආනයන වියදම පහළ ගොස් ඇති අතර, අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 3.3%කින් අඩු වී තිබෙනවා.
එමෙන්ම, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 6.3%කින් අවප්‍රමාණය වී ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.
















