අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.2026 ජුලි 27 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනය ලබා දී ඇත. අදාළ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
















