නැගෙනහිර පළාත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලයාන්” අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින පිල්ලයාන් අද දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.















