27 April 2024
#දේශීය

ගුරු- විදුහල්පත් වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි- අධ්‍යාපන ඇමැති

ගුරු වැටුප් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ගුරුසේවය, ගුරු උපදේශ සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් මස 30 වනදාට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.

එසේම 2022 අයවැය යෝජනාවක් වශයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාර සභාව විසින් ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට ද කැබිනට් මණ්ඩලයේදී තීරණය වු බව ගුණවර්ධන මහතා පැවසිය.

එමෙන්ම එලැඹෙන සැප්තැම්බර් මාස සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරි කටයුතුවල නිරතවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියයල් 5000/- ක් බැගින් වන විශේෂ දිමනාවක් ගෙවීමට ද තීරණය වු බව හෙතෙම පැවසිය.

තව ද අනුකාරක සභාවේ සෙස යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරින් සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාස 06 ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය වු බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *