මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
මෙම සහන පැකේජය සඳහා මුදල් සම්පාදනය කරගැනීමේ එක් පියවරක් ලෙස බිලියන 71.75ක් පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය. අලුතින් ණය ලබා ගැනීමකින් තොරව, රජය විසින් අතිරේකව එකතු කරන ලද බදු මුදල් සහ ආදායම් වියදම් කළමනාකරණය කර ගැනීම හරහා මෙම අරමුදල් සපයා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
















