දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමට අයත් මුවගම්මන ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ ද සමඟින් ඊයේ (ජූනි 01) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි. පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 27 සහ 37 යන වයස්වල පසුවන අකරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. කැණීම් කටයුතු සඳහා සැකකරුවන් යොදාගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















