සපුගස්කන්ද විදුලි බලාගාරයේ A සහ B යන බලාගාර ද්විත්වය සඳහා 2026/27 කාලසීමාවට අවශ්‍ය ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම සැපයුම් කටයුතු ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවීමෙන් පසුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතියට අනුව අදාළ කොන්ත්‍රාත්තු පහත පරිදි පිරිනමනු ලැබේ.
සපුගස්කන්ද A බලාගාරය වෙත ලිහිසි තෙල් ලීටර 316,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Lanka IOC PLC වෙත රුපියල් මිලියන 392.47ක (එකතු කළ අගය මත බදු සහිත) මුදලකට පිරිනැමීමට තීරණය කර ඇත.
එමෙන්ම, සපුගස්කන්ද B බලාගාරය වෙත ලිහිසි තෙල් ලීටර 304,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන Chevron Lubricants Lanka PLC වෙත රුපියල් මිලියන 434.86ක (එකතු කළ අගය මත බදු සහිත) මුදලකට පිරිනැමීමට පියවර ගෙන තිබේ.
මෙම ප්‍රසම්පාදනයන් සිදු කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
















