හිනිදුම රෝහල ආසන්නයේදී අද (02) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෙකි.
අදාළ ව්‍යාපාරිකයා ගමන් කරමින් තිබූ යතුරුපැදිය පාලනයෙන් ගිලිහී මාර්ගය අයිනේ තිබූ තාප්පයක ප්‍රබල ලෙස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම උඩුගම රෝහල වෙත ඇතුළත් කර තිබුණද, රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
මරණකරුගේ දේහය මේ වන විට උඩුගම රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















