අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩසටහන පළාත් අනුව ක්‍රමවේද දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය. බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් සඳහා දේශීය නිෂ්පාදකයන් මගින් පාසලටම පාවහන් ලබා දීම පළමු ක්‍රමවේදයයි. මධ්‍යම, උතුර, උතුරු මැද සහ ඌව යන පළාත් සඳහා එක් අයෙකුට රුපියල් 3,000ක වටිනාකමින් යුත් තිළිණ පතක් ලබා දීම දෙවන ක්‍රමවේදය ලෙස ක්‍රියාත්මක වේ.
2026 වසරේදී සිසුන් 836,571ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, 2027 වසර සඳහා වන පාවහන් බෙදාදීමේ වැඩසටහන 2026 තෙවන පාසල් වාරය අවසානය වන විට නිම කිරීමට සැලසුම් කර ඇත.
















