සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) සඳහා මයික්‍රොසොෆ්ට් බලපත්‍ර (Microsoft Licenses) සහ ඊට ආශ්‍රිත සේවා සැපයීමේ මහා පරිමාණ කොන්ත්‍රාත්තුව Crayon Software Lanka (Private) Limited සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සීමිත ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයට (National Competitive Bidding) යටතේ විනිවිදභාවයකින් යුතුව කැඳවන ලද ලංසු ඇගයීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම්ලත් සේවා සැපයුම්කරුවන්ගෙන් ලංසු දෙකක් (02) ඉදිරිපත් වී තිබූ අතර, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම සහ වඩාත්ම ප්‍රතිචාරාත්මක ලංසුව ඉදිරිපත් කර තිබුණේ Crayon Software Lanka සමාගමයි. ඒ අනුව වසර දෙකක (02) කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.816ක වටිනාකමකින් යුතුව මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පැවරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
















