27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයේ වාර්තාව කැබිනට් මණ්ඩලය යොමු කලේ නෑ – උදය ගම්මන්පිල

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් අමාත්‍යවරුන්ට ප්‍රමාණවත් ආකාරයට තවත් සකස් කර නොැමැති ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බව සම කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයට ප්‍රමාණවත් වන ආකාරයට විමර්ශන පිටපත් සකස් වු වහාම විශේෂ කැබිනට් මණ්ඩලයක් කැඳවා ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බවයි. පසුව පාර්ලිමේන්තුවටත් කොළඹ කාදින්ල්තුමාටත් ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ඊයේ (15දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව අද පුවත්පත් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ පස්වරු 05 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති අතර ජනාධිපති ලේකම් කාර්යාලයට කැබිනට් මණ්ඩල සාමාජිකයන් පැමිණියේ සති කිහිපයකට පසුව වීම ද විශේෂත්වයකි.

පසුගිය දින කිහිපයේදී පැවැති කොරෝනා වෛරස් තත්ත්වය අනුව කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අන්තර්ජාලය ඔස්සේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *