• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

VERDANT VILLAS මීගමුව, නිවාස ව්‍යාපෘතියේ නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

16 February 2021
in දේශීය

ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත.

ඒ අනුව 2021 ජනවාරි 29 වන දින VERDANT VILLAS හිමිකරුවන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා රැස්වීම අති සාර්ථකව පැවැත්වීය.

මෙරට කීර්තිමත්ම දේපළ වෙළඳාම් ව්‍යාපෘතියක් වන VERDANT VILLAS ව්‍යාපෘතිය මීගමුව කේන්ද්‍ර කර ගත් සුඛෝපභෝගී ජිවින රටාව පිළිබඳ මිම්මක් නිර්මාණය කර ඇත. අක්කර 26ක සශ්‍රික භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත නිවාස හිමියන්ට සිය කැමැත්ත පරිදි බිම් කොටස් තෝරා ගැනීමටත් තම නිවාස සිය කැමැත්තට අනුව සැලසුම් කිරීමටත් කෙල්සි හෝම්ස් හී විශේෂඥ කණ්ඩායමේ මඟ පෙන්වීම ලබා දී ඇත.

 

කොළඹ නගරයට, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පහසුවෙන් ලගා වීමේ හැකියාව මෙන්ම විචිත්‍රවත් බවින් පිරි ජිවන රටාවක් සඳහා අවශ්‍ය රෝහල්, හෝටල්, විනෝදාස්වාද ස්ථාන ආදීය ද VERDANT VILLAS ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ගනිමින් ඒ සමීපයේ පිහිටා තිබීම මෙහි තවත් විශේෂත්වයකි. එහිදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 10කින් පමණ පිවිසිය හැකි වන අතර 2022 දී විවෘත වන වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය හරහා කොළඹ වරාය නගරයට විනාඩි 40කින් පිවිසිමේ සුවිශේෂී හැකියාව ද ඇත.

 

කෙල්සි හෝම්ස් විසින් සිදුකරනු ලබන සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතීන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතින් නිර්මාණය කෙරෙන සැලසුම් අනුව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව VERDANT VILLAS ව්‍යාපෘතියේ සංකල්පය සහ සැලසුම්කරණය දක්ෂ හා පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පී උපුල් මධුශංක චන්ද්‍රකුමාර මහතා විසින් සුරත් වික්‍රමසිංහ ඇසෝසියේට්ස් (SWA) සමග එක්ව සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් උසස් ප්‍රමිතීන්ට අනුකුලව ඉදිකරන ලද පිහිනුම් තටාකයක්, ළමා ක්‍රීඩා පිටියක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් , sauna, steam room, clubhouse සහ ටෙනිස් පිටියක් ඇතුළු පුළුල් පරාසයක සුඛෝපභෝගී පහසුකම් රැසක් සැපයේ.

 

තවද, නිවාස ව්‍යාපෘතියට පැය 24 පුරා සීසීටීවී අධීක්ෂණය යටතේ ආරක්ෂාව සැපයෙන අතර ජීවත් වන සියලුම පවුල් සඳහා නිදහස් හා සාමකාමී පරිසරයක් සඳහා අවශ්‍ය මනා ආරක්ෂාව සහතික කරයි. මෙහිදී දරුවන්ට සහ වැඩිහිටියන්ට සොබාදහ‌මේ ආශ්වාදය භුක්ති විඳීමට සුදුසු එළිමහන් අවකාශයන් සහ ඇවිදීමේ මන්තීරු රාශියක් ද නිර්මාණය කෙරේ.

 

මීගමුව VERDANT VILLAS ව්‍යාපෘතිය පිළිබඳව කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හි සභාපති එර්ඩ්ලි පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය “VERDANT VILLAS ව්‍යාපෘතිය නිර්මාණය කිරීමේ දී අපගේ දැක්ම වූයේ එහි සියලු වැසියන්ට හොඳම සුඛෝපභෝගී, සැනසිලිදායක සහ සුවපහසු අවකාශයක් නිර්මාණය කර දීමයි. මෙහි සම්පුර්ණ ව්‍යාපෘතියේ නිවාස 88ම සාර්ථකව අලෙවිය අවසන් කිරීම අපට විශාල සතුටක් දනවන කාරණයක්. එමගින් කෙල්සි හෝම්ස් කෙරෙහි ගනුදෙනුකාරභවතුන් තුළ ඇති විශ්වාසය සහ පැහැදීම මනාව පිළිබිඹු වන අතර ඔවුන්ගේ එම උද්යෝගිමත්භාවය අප ඉහළින් අගය කිරීමට කැමතියි. උසස් ප්‍රමිතියෙන් යුතු අද්විතීය නිවාස සහ මහල් නිවාස ඉදිකිරීමේ දී අප කැපී පෙනෙන සුවිශේෂී හැකියාවන් වාර්තා කර ඇති අතර ඉදිරි අනාගතය පුරා අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට තත්වයෙන් උසස් අසමසම ප්‍රමිතියකින් යුතු අලෙවියෙන් පසු සුවිශේෂී සහාය ලබා දීම ද අප සිදු කරනු ලබනවා.”

 

මෙහිදී කෙල්සි හෝම්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ලලින්ද කළුබොවිල මහතා ද අදහස් දක්වමින් මෙසේ පැවසීය. “VERDANT VILLAS අපගේ තවත් සාර්ථක ව්‍යාපෘතියක් වන අතර අපට ළඟා කර ගත හැකි උසස් ප්‍රමිතීන් පිළිබඳව එය නිදර්ශකයක් බවට පත් වනවා. උසස් සුව පහසුවෙන් යුතු මෙම නිවාස අග නගරයට කඩිනමින් හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා තිබෙන අතර නවීන ජිවන රටාවක් සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කර දෙනවා. මෙම ප්‍රදේශය සංවර්ධනයේ ඉහළම මට්ටමක පැවතීමත් ප්‍රදේශයේ ඉඩම් මිල දිනෙන් දින ඉහළ යාමත් සැලකිල්ලට ගත් කල VERDANT VILLAS ඉඩම් හිමිකරුවන්ට ඉහළ ප්‍රතිලාභ හිමිවන වටිනා ආයෝජනයක් ලෙස මෙය හැඳින්වීමට හැකියි.”

 

Kelsey Homes පිළිබඳව – Kelsey Homes යනු ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපළ සංවර්ධන ආයතනයකි. වසර 35කට වඩා අත්දැකීම් වලින් සම්පුර්ණ සහ ශ්‍රී ලංකාව තුළ 200කට වැඩි දේපළ සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති සිදුකර ඇති මෙම ආයතනය ජනශක්ති සමාගම් සමූහයේ සාමාජිකත්වය දරන Kelsey Homes Development PLC ආයතනයේ අනුබද්ධිත පරිපුර්ණ අයිතිය හිමි තවත් එක් ආයතනයකි. Kelsey Homes සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම සහ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස 1983 සිට නවීනත්වය පිරි පරිපුර්ණ ජිවන අත්දැකීම් සිය පාරිභෝගිකයන්ට උරුමකර දීම උදෙසා වෙහෙසෙන සහ සංගෘහිත පරිසරයක් තුළ පැය 24 පුරා මනා ආරක්ෂාවක් ඇති නිවාස ඒකක නිර්මාණය කරන අතර උදාහරණයක් ලෙස මෑතකදී ඉදිකිරිම නිම කරන ලද ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි නිවාස ඒකක 100කින් සමන්විත TEMPLER’S SQUARE නිවාස සංකීර්ණය ආදී ආයෝජනය කළ මුදලට වැඩි ප්‍රතිලාභ අත්කර දුන් නිවාස ව්‍යපෘතියක් ලෙස හැඳින්විය හැක. අක්කර හයක භූමි ප්‍රදේශයක ඉදිකර තිබෙන මෙම නිවාස සංකීර්ණයෙහි නිවාස වල මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් ඒවායේ පදිංචිකරුවන්ට විශාල වටිනාකමක් හිමිව තිබේ. අප ආයතනයේ විශ්වාසය සහ කැපවීමේ පිළිබිඹුවක් ලෙස වසරක නිවාස පිරිසැකසුම් කාලයකුත් ලබා දී තිබේ.

පිටපත – PR Consultant, Communiqe PR.

Post Views: 7
Previous Post

ගල්වලින් පහරදී අයෙකු මරුට

Next Post

පාස්කු ප්‍රහාරයේ වාර්තාව කැබිනට් මණ්ඩලය යොමු කලේ නෑ – උදය ගම්මන්පිල

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයේ වාර්තාව කැබිනට් මණ්ඩලය යොමු කලේ නෑ - උදය ගම්මන්පිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved