ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (CAIA) විසින් ‘CAIA සතිය’ (CAIA Week) අතරතුර ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිලාභ සහ විශේෂ දීමනා ලබා දීම සඳහා සිංගර් ෆිනෑන්ස් (Singer Finance) සමඟ විශේෂ හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස, CAIA සතිය තුළ වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන් සඳහාම විශේෂ පොලී අනුපාත සහ ආකර්ෂණීය මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට සිංගර් ෆිනෑන්ස් කටයුතු කරයි. මෙමඟින් ගනුදෙනුකරුවන්ට සහභාගී වන CAIA සාමාජිකයන් හරහා වාහන මිලදී ගැනීමේදී විශේෂ පොලී අනුපාත, නම්‍යශීලී මූල්‍යකරණ විකල්ප සහ අමතර ප්‍රතිලාභ ලබාගනිමින් වාහන මිලදී ගැනීම වඩාත් පහසු, ලාභදායී සහ වාසිදායක කරගැනීමට අවස්ථාව උදා වේ. ප්‍රමුඛ පෙළේ වාහන ආනයනකරුවන් පිරිනමන පුළුල් පරාසයක වාහන ගවේෂණය කිරීමට සහ සිංගර් ෆිනෑන්ස් හි සුවිශේෂී මූල්‍ය දීමනාවලින් ප්‍රයෝජන ගැනීමට මෙම CAIA සතිය කදිම අවස්ථාවක් වන අතර, මෙම සහයෝගීතාවය මඟින් ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් නිර්මාණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වර්ධනයට සහය වීමට අපේක්ෂා කෙරේ.















