• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් කැඳවීම සැප්තැම්බර් 05 වනදායි ඇරඹෙයි – සභාපති මහාචාර්ය සම්පත්

31 August 2022
in දේශීය

2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් කැඳවීම සැප්තැම්බර් 05 ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

සභාපතිවරයා ප්‍රකාශ කළේ ‍2021/2022 වර්ෂයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 42, 519ක ට අවස්ථාව ලබාදීමට අපේක්ෂිත බවයි. එම සංඛ්‍යාව වැඩි වීමට ද අවකාශ තිබේ.

මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “මෙවර උසස්පෙළ විභාගය සමත්වූ සිසු දරුවන්ට සැප්තැම්බර් 05 සිට සැප්තැම්බර් 23 දක්වා විශ්වවිද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කළහැකියි. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ශිෂ්‍ය අත්පොත සැප්තැම්බර් 02 පොත්හල් වෙත ලබා දෙනවා. තෝරාගත් අලෙවි නියෝජිතයින්ගේ නාම ලේඛනය ලබන ඉරිදා භාෂාත්‍රයෙන් පුවත්පත්වල පළ කිරීමට අපේක්ෂිතයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අන්තර්ජාලය මගින් අයැදුම්කළ හැකි අතර, ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය භාවිතා කළ යුතුයි. යම් ගැටලුවක් මතු වුවහොත් 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා නිරාකරණය කරගත හැකියි. එම නිලධාරීන් මේ සම්බන්ධව පුහුණු කර තිබෙනවා. මම සිසු දරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අයැදුම්පත මාර්ගගත ක්‍රමයෙන් පිරවීමට පෙර අප වෙබ් අඩවියේ ඇති උපදෙස් වීඩියෝව නරඹන ලෙස. ඒ මගින් ගැටලු ඇත්නම් නිරාකරණය කරගෙන වැරදීම්වලින් තොරව අයැදුම්පත සම්පූර්ණ කළ හැකියි. යම් ගැටලුවක් ඇත්නම් සහාය දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානය ද සතියේ දින 07 ම මෙම දිනවල විවෘතයි. එම මධ්‍යස්ථානය දුරකථන අංක 011 2695301 හා 011 2695302 ඔස්සේ සම්බන්ධ කරගත හැකියි. තවත් විශේෂ කරුණක් වන්නේ මෙවර නව පාඨමාලා කීහිපයක් සිසුන් වෙනුවෙන් හඳුන්වා දී තිබීමයි. මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලාව (ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය), ඉංග්‍රීසි භාෂාව හා ව්‍යවහාරික වාග්විද්‍යාව පිළිබඳ පාඨමාලාව (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය), බැංකුකරණ හා රක්ෂණ පාඨමාලාව (වව්නියා විශ්වවිද්‍යාලය), නිර්මාණාත්මක සංගීතය හා තාක්ෂණය පිළිබඳ පාඨමාලාව (ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය) ඊට අයත්ය. ඊට අමතරව, පරිගණක විද්‍යාව සම්බන්ධ නව පීඨයක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට අපේක්ෂිතයි.” යැයි සභාපතිවරයා කියා සිටියේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ශාඛාවේ නියෝජ්‍ය ලේකම්, ශාලිකා ආරියරත්න මහත්මිය ද මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූවාය.

 

Post Views: 14
Previous Post

හිස වෙස් තැබිමේ මංගල්‍යය උකුවෙල

Next Post

අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අදින් ඇරඹෙයි

editor

editor

Next Post

අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අදින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved