• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව සීමානිර්ණ වාර්තාවට විරැද්ධවීම ලැජ්ජා නැති වැඩක් – කැෆේ සංවිධානය පවසයි

23 August 2018
in දේශීය

පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වැලැක්වීමට කටයුතු කිරීම ලැජ්ජා නැති වැඩක් යැයි කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ පාර්ශව කිහිපයක් අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවේ දී පළාත් සභා ‘සීමා නිර්ණය කමිටු වාර්තාවට‘ විරුද්ධව ඡන්දය ප්‍ර‍කාශ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වන බවයි.

වත්මන් රජය පළාත් සභා ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ගැනීමට ලැජ්ජා සහගත උත්සාහයක නිරත වෙමින් සිටින අතර වත්මන් පළාත් සභා ඡන්ද ක්‍ර‍මය පාර්ලිමේන්තුවේ පස්සා දොරින් ගෙන ඒමට කටයුතු කළ දේශපාලන පක්ෂ පවා දැන් දුෂිත මනාප ඡන්ද ක්‍ර‍මය වඩා යහපත් බවට ප්‍ර‍කාශ කරමින් පළාත් සභා කල් දමා ගැනීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත “ බලය බෙදා හැරීමේ ව්‍යවහාරයක් ලෙස ඇති කරනු ලැබූ ‘පළාත් සභා ක්‍ර‍මය‘ ආපසු හරවමින් නැගෙනහිර පළාතට මහජන නියෝජිතයින් පත් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවීමවීම පිළිබද ද්‍ර‍විඩ ජාතික සන්ධානයත්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ත් කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම පිළිබද කැෆේ සංවිධානයේ දැඩි කනස්සල්ල පල කරයි.

මේ වන විටත් නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන් මහජන නියෝජිතයින් නොමැති ක්‍රියාත්මක වේ. 2018 ඔක්තෝබර් මස අවසන් වන විට තවත් පළාත් සභා තුනක කාලය අවසන් වේ. ඒ අනුව, ලබන ඔක්තෝබර් වන විට ලංකාවේ පළාත් 9 න් හයක (6) මහජන නියෝජිතයින් නොමැති පාලනයක් බිහිවෙයි.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව සිය කැමැත්තෙන් පවත්වා ඇත්තේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය පමනී. 2018 පෙබරවාරි පැවති පළාත් පාලන ඡන්ද විමසීම මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂකයින්ගේ දැඩි පීඩනය හමුවේ අකමැත්තෙන් වුව ද ඉවසා දරා ගැනීමට ‘රජයට සිදු විය.

රටට යහපාලනය හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය රැගෙනඒමට පොරොන්දු වී බලයට පැමිණි රජය නිසි කලට ඡන්ද විමසීම් පැවැත්වීමේ මුලික ව්‍යවහාරයෙන් බැහැරව මැතිවරණ සිතියම අකුලා දමා ඇත. මෙම අතිශයින් ලැජ්ජා සහගත ක්‍රියාවක් බව කැෆේ සංවිධානය අවධාරණය කරන බව එම සංවිධානය අවධාරණය කර සිටි.

 

Post Views: 5
Previous Post

රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

Next Post

බද්දෙන් පනින්න බැරි වෙන්න මත්පැන්වලට ආරක්ෂිත මුදාවක් – ඇමැති මංගල

editor

editor

Next Post

බද්දෙන් පනින්න බැරි වෙන්න මත්පැන්වලට ආරක්ෂිත මුදාවක් - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved