• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ටයිටන් සබ්මැරීනය සොයාගන්නට හැකිවෙයිද?

22 June 2023
in විදෙස්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සබ්මැරිනය තුල පුද්ගලයින් පස් දෙනෙකු සිටි ඇති අතර එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව පවතින්නේ තවත් සුළු වේලාවක් පමණක් පවතින බව මෙහෙයුම් කණ්ඩායම් පැවසිය.

එසේම සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පසුගිය ඉරිදා දින බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය සඳහා කටයුතු ආරම්භ කලේය.

ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ එදිනම පස්වරුවේ යළි පැමිණීමට නමුත් එම සබ්මැරීනය කිසිවෙකුත් නොසිතූ ලෙස සාගර පත්ලේ අතුරුදන් වී තිබෙනවා.

සාගර පත්ලේ මෙවැනි ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමටද මේ වන විට හැකිව තිබෙනවා.

කිසියම් වස්තුවට තදින් පහර දෙන හඩක් තප්පර කිහිපයක විරාම සහිතව එම ශබ්ද තරංගවල අන්තර්ගතයි.

කෙසේ වෙතත් එම ශබ්ද තරන්ග වල මූලාශ්‍රය නිකුත් වන්නේ ටයිටන් සබ්මැරීනයෙන් බවට මෙතෙක් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙමම සබ්මැරිනයේ ගමන් ගත් පිරිස අතර ඕශන් ගේට් සමාගමේ ප්‍රධානියාද වන ස්ටොක්ටන් රශ් සහ ප්‍රංශ ජාතික පෝල් හෙන්රි මෙම සබ්මැරීනය ක්‍රියාකරවා තිබු අතර ස්ටොක්ටන් රශ් අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ ඉන්ජිනේරු තාක්ශනය පිළිබදව උපාධිධාරියෙක්.

සබ්මැරීනයේ සංචාරකයින් ලෙස ගමන්ගත් පිරිස අතර ඇක්ෂන් ඒවියේෂන් නමැති ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වන 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරික හමිෂ් හාඩින්, පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ෂසඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් 19 හැවිරිදි සුලේමාන් ඩාවුඩ් ද සිටිනවා.

එමෙන් ම, බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු සහ ගවේෂකයෙකු වන හමිෂ් හාඩින් ද එහි සිට ඇති බවට විශ්වාස කෙරේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට කිලෝමීටර් 600ක් (සැතපුම් 370) පමණ දුරින් පිහිටා ඇත.

ටයිටන් නමැති මෙම සබ්මැරීනය තුළ පුද්ගලයන් පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර එයට මීටර් 4,000ක් පමණ ගැඹුරට ගමන් කළ හැකි ය.

එයට පැයට සැතපුම් 3.5ක් පමණ වේගයකින් ගමන් කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වනවා.

OceanGate Expeditions නමැති අමෙරිකානු සමාගමකට අයත් එම සබ්මැරීනයේ ගොස් දින 8ක කාලයක් ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 250,000ක් අය කරන බව සඳහන් ය.

 

මුලාශ්‍ර – BBC 

Post Views: 9
Previous Post

දකුණ සහ බස්නාහිර කුළි මිනීමරුවන්ට ඇමැති ටිරාන් දැල එලයි

Next Post

වැඩබලන ආරක්‍ෂක ඇමති ‘INS Vagir’ ඉන්දීය සබ්මැරීනයේ සංචාරයක

editor

editor

Next Post

වැඩබලන ආරක්‍ෂක ඇමති ‘INS Vagir’ ඉන්දීය සබ්මැරීනයේ සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved