ඔන්ටෑරියෝ විලෙහි (Lake Ontario) නම “ඇමෙරිකා විල” (Lake America) ලෙස වෙනස් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, කැනඩාව අදාළ විල දිගටම “ඔන්ටෑරියෝ විල” ලෙසම හඳුන්වන බව කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාර්නි (Mark Carney) ප්‍රකාශ කර තිබේ.
X (ට්විටර්) ගිණුම සටහනක් තබමින් කැනඩා අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම නමට වසර 400කට වඩා පැරණි ඉතිහාසයක් පවතින බවත්, එය කැනඩා සමූහාණ්ඩුව මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීනතා ප්‍රකාශනයටත් වඩා පැරණි නාමයක් බවත්ය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















