එක්සත් ජනපදය සමඟ පවතින වෙළඳ මතභේද උග්‍රවීම සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කැනඩාවේ සේවා අංශයේ (Services Sector) ව්‍යාපාරික කටයුතු අගෝස්තු මාසයේදී පසුගිය මාස හය තුළ වාර්තා වූ අඩුම මට්ටමට (46.8 දක්වා) පහත වැටී ඇති බව S&P Global හි නවතම PMI දත්ත වාර්තා පෙන්වා දෙයි.
අගෝස්තු 22 වැනිදා දෙරට අතර පැවැති සාකච්ඡා බිඳවැටීමෙන් පසු, ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් වටිනා කැනේඩියානු ආනයන සඳහා ඇමෙරිකාව විසින් 50%ක අලුත් තීරුබද්දක් පැනවීම මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. නව ව්‍යාපාර ඇණවුම් පහත වැටීම, බලශක්ති මිල ඉහළ යාම සහ අනාගත ව්‍යාපාරික විශ්වාසය පළුදු වීම හේතුවෙන් කැනඩාවේ සමස්ත සංයුක්ත PMI දර්ශකය ද ජූලි මාසයේ පැවැති 49.7 සිට අගෝස්තු මාසයේදී 47.8 දක්වා පහත බැස තිබේ. කෙසේ වෙතත් කැනඩාවේ නිෂ්පාදන අංශය (Manufacturing PMI) 53.0ක අගයක් ගනිමින් තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරයි.
















