පොළොන්නරුව ගල්ලෑල්ල පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති අතර, 2027 වසරේ පෙබරවාරි මාසයේදී මෙම නව පාලම ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මරදන්කඩවල – හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති පැරණි පාලම වෙනුවට ඉදිකෙරෙන මෙම නව පාලම මීටර් 40ක දිගකින් සහ මීටර් 13.4ක පළලකින් යුක්ත වේ. දේශීය අරමුදල් මත රුපියල් මිලියන 207ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, නව පාලම විවෘත වීමත් සමඟ මෙම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















