තලවකැලේ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටීමෙන් අද (15) දින අනතුරක් සිදු විය. පස්වරු 3:30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල මටුකැලේ මංසන්ධියේදීය.ධාවනය වෙමින් තිබූ මෝටර් රථය ඉදිරියට සුනඛයෙකු පැනීම නිසා ඌ බේරා ගැනීමට රියදුරු උත්සාහ කර ඇත.එහිදී මෝටර් රථය ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර රථය ආරක්ෂිත වැට උඩ නතර වී තිබේ.අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වුවද ආරක්ෂිත වැටට සහ මෝටර් රථයට අලාභ හානි සිදු වී ඇත.පවතින අයහපත් කාලගුණයත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රිය ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.














