කිසිවෙකුගේ හෝ බලපෑමකට යටත් නොවී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අඛණ්ඩව සහ ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 192 වන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණය ඉටුවීම සඳහා විමර්ශනවල විනිවිදභාවය සහ ස්වාධීනත්වය අතිශය වැදගත් බව උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.
















