මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයෙකුව සිටි අභාවප්‍රාප්ත රංග නිෂාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
මෙම මරණ පරීක්ෂණ තීන්දුව ජූලි 31 වනදා දක්වා කල් තබමින් කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා නියෝග කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු ඇත්නම් ඒවා කඩිනමින් සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවනු ලැබුවේ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසිනි. ඔහු ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
















