2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ කාගීල්ස් බෑන්ක් පීඑල්සී (Cargills Bank PLC) ආයතනය වෙතද 2025.10.10 දිනැතිව රුපියල් 2,000,000.00 ක (රුපියල් මිලියන දෙකක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ.
iපැන්ත පරීක්ෂණයේදී සිදු කළ නියැදි පරීක්ෂාවකින් හමුවූ, රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදලකින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන විදුත් අරමුදල් හුවමාරු කිරීමේ ගනුදෙනු දහ අටක් (18) නියමිත කාලපරිච්ඡේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම.
2025.02.20 දිනැති අංක 2424/51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCR) අංක 1373 ට අනුකූලව 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වා ගැනීමට අපොහොසත් වීම.මෙම දුර්වලතාවය එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල ලැයිස්තු යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් ඇති වූවක් වුවද, එම යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ බැංකුව විසින් ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයෙන් අනාවරණය වී නැත.
















