එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ රැස් වී තිබේ.
පරිසර අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව පැවැති මෙම හමුවේදී, ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. ලෝක කාලගුණික විද්‍යා සංවිධානයට අනුව ලෝකයට එල්-නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවදානම 81%ක් වන බැවින්, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය සහ බලශක්තිය වැනි සෘජුවම බලපෑමට ලක්විය හැකි අංශ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.
අදාළ රාජ්‍ය ආයතන විසින් මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කරන ලද කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාකාරී සැලසුම් ද මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස සමාලෝචනය කර ඇත.
















